Posted by: udaraumd | April 13, 2009

Unlocking Huawei E220 Modem in Sinhala… || E220 මොඩම් එක සිංහලෙන් අන්ලොක් කරන හැටි…

ඔන්න තවත් වැදගත් බ්ලොග් පෝස්ට් එකක් ලියන්න හිතුනා… ඩයලොග් මොබිටෙල් එයාටෙල් /හුලංටෙල්/ මොබයිල් බ්‍රෝඩ්බෑන්ඩ් සබඳතා භාවිතා කරන යාලූවන්ට මේක ගොඩාක් ප‍්‍රයෝජනවත් වෙයි… ඊ220 මොඩම් එක සිම් ලොක් කරලා එන නිසා මේක අන්ලොක් කරන හැටි ගොඩක් දෙනෙක් අහනවා… දැන් දැන් මේ මොබයිල් බ්‍රෝඩ්බෑන්ඩ් සබඳතා ගොඩක් පාවිච්චි කරන නිසා වෙන්න ඇති… ඉතින් මේ මොඩම් එක අන්ලොක් කරන හැටි සුද්දාගේ බාසාවෙන් නම් ගොඩාක් ලියලා තියෙනවා… අපේ සිංහල ක‍්‍රමේට මේක කොරන හැටි දැම්මොත් හොඳයි කියලා මට නිකමට හිතුනා…

මේ අන්ලොක් කිරිල්ල මං ප‍්‍රායෝගිකව කරලා බැලුවා… මගේ මොඩම් එකයි මගේ යාළුවෙක්ගේ මොඩම් එකකුයි මං අති සාර්ථකව අන්ලොක් කලා… මේ ක‍්‍රමය නියමෙට වැඩ… මං මේක කලේ ඉරෝෂාන් කියලා (http://iroshansblog.co.cc/?p=53) අපේ කොල්ලෙක් ලියපු බ්ලොගක් බලාගෙන.. ඉංග‍්‍රීසියෙන් අන්ලොක් කරන්න ඔනේ අයට ඒකට ගිහින් බලලා කරන්න පුළුවන්..

එහෙනම් ඉතින් අපි දැන් වැඬේ  පටන් ගමු…. මේක කරන්න යන්නේ විනාඩි 10-15ක් විතර… මුලින්ම ජොබ් එකට අවශ්‍ය මෙවලම් ටික එකතු කර ගමු…

මුලින්ම මෙන්න මේ සොෆ්ට්වෙයා ටික ඩවුන්ලොඩ් කර ගන්න…

1. මෙන්න මේ Huawei මොඩම් එකේ ෆර්ම්වෙයා එක බාගන්නකෝ මුලින්ම….
මෙතන ක්ලික් කරන්න….
2. QMAT – QC Mobile Analysis Tool කියලා එකක්…
මෙන්න මෙතන කිලික් කරලා බාගන්න….

3. Hex Editor – Freeware කියලා එකක්… අන්ලොක් කෝඩ් එක හොයා ගන්නේ මෙන්න මේකෙන්….                              මෙන්න මෙතන කිලික් කරලා බාගන්න….

4. E220 simlock unlocking tool – මෙන්න මේකෙන් තමයි අන්ලොක් කරන්නේ… චූටි භාණ්ඩයක්…
මෙන්න මෙතන කිලික් කරලා බාගන්න….

දැන් කලින් බාගත්ත Huawei මොඩම් එකේ ෆර්ම්වෙයා එක Run කරන්න… මෙන්න මේ පහල තියන විදිහට පෙන්නුවාට පස්සේ Cancel කරලා දන්න… අපි මෙතනදී කලේ මොඩම් එක හරියට Detect වෙලාද කියලා පරීක්ෂා කරලා බලන එක…

http://iroshansblog.co.cc/wp-content/uploads/2009/01/up.jpg

හරි දැන් තියෙන්නේ අර කලින් බා ගත්ත QMAT සොෆ්ට්වෙයා එකෙන් කරන්න තියෙන වැඩක්… QMAT සොෆ්ට්වෙයා එක Run කරන්න.. එකේ ටැබ් වලින් Hardware Forensics  කියලා තියෙන එක ක්ලික් කරලා Use Mobile Ports කියන එක select කරන්න…

2

ඔන්න දැන් ආපු වින්ඩෝ එකේ උඩම තියන Serial Com port කියන තැනට Huawei Mobile Connect – 3G PC UI Interface (Com X) කියන ඒක select කරන්න… ඊලගට පහල තියෙන send කියන බොත්තම ක්ලික් කරන්න…  තත්පර කීපයකින් පහල තියෙන සුදුපාට බොක්ස් එකේ  Successfully Send කියලා පෙන්නයි… එහෙම පෙන්නුවේ නැත්තම් කලින් කියපු කරුණු චෙක් කරලා බලන්න…

3
ඊට පස්සේ Let’s Go බොත්තමට එහා පැත්තෙන් තියෙන ඩ්‍රොප් ඩවුන් බොක්ස් එකෙන් Read EFS කියන ඒක select කරලා Let’s Go බොත්තම ප්‍රෙස් කරන්න… ඊළගට පොඩි ෆයිල් එකක් Save කරන්න එයි… හොඳවයින් නමක් දීලා Save කර ගන්න…. එතකොට මේ සොෆ්ට්වෙයා එකේ තියෙන වැඩ ඉවරයි….

4

හොඳ ළමයා වගේ දැන් දුවලා ගිහින් කලින් බාගත්ත Hex Editor software එක open කරන්න… ඊටපස්සේ ඔයා කලින් Save කරගත්ත ෆයිල් එක මේකෙන් Open කරගන්න…  එතකොට පහල පින්තූරෙ තියෙනවා වගේ එයි… ඒ සොෆ්ට්වෙයා එකේ Find කියන විධානයට ගිහින් 53 64 2c 00 කියන එක ටයිප් කරලා OK කරන්න…

5

දැන් මෙන්න මේ වගේ පහල තියෙන පින්තූරය වගේ අවස්ථාවකට ඔයගොල්ලෝ එයි… අංක 53 හයිලයිට් වෙලා, ඊට එහා පැත්තෙන් S අකුරත් හයිලයිට් වෙලා එයි… මෙන්න මේ අහල පහලම හොඳට බලන්න ඉලක්කම 8ක් තියෙයි එක පේලියට… දැක්කද ??? හම්බුනා නේද ??? යාහුooooooooooooooo……. ඔන්න ඔය අංක 8 තමයි ඔයාගේ අන්ලොක් කෝඩ් එක… ඒ කෝඩ් එක කොපි කරලා පැත්තකින් තියා ගන්න… දැන් ජොබ් එක ගොඩාක් දුරට ඉවරයි….

6

දැන් අපි කලින් බාගත්ත E220 simlock unlocking සොෆ්ට්වෙයා එක Open කරන්න… අර අංක 8 කෝඩ් එක මේකට ඇතුලත් කරන්න… හා හා පොඩ්ඩක් ඉවසපල්ලා බං… මුන්ට මාර හදිස්සියක්නේ තියෙන්නේ……. හරි දැන් OK කරලා බලන්න……

7

වැඬේ ගොඩ නේද කොල්ලෝ… ඔන්න ඔහොමයි අන්ලොක් කොරන්නේ…….. දැන් පින් දෙන්නේ නැතුව කමෙන්ට් එකක් දාලා යන්න පුතේ…

Advertisement

Responses

  1. මෙක නම් සෑහෙන ප‍්‍රයෝජනවත්… සිංහලෙන් තියෙන එක වඩාත් හොදයි. නියම වැඩක්. ස්තූති…

  2. මේ ගැටළුව ගැන එළකිරි එකෙන් සමහරැ උදව් ඉල්ලලා තිබුනා.ලොකු අත්වැලක්. පුළුවන් නම් එළකිරි එකටත් ලින්ක් එකක් දෙන්න.


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Connecting to %s

Categories

Follow

Get every new post delivered to your Inbox.